කොවිඩ්-19න් පීඩා විදින ලෝකවාසී ජනතාවට සෙත්පතා කරනු ලබන සත්යක්‍රියාව

විවිධ ස්වේච්ඡා සේවා සංවිධාන සමග ක්‍රියාත්මක වී අත්දැකීම් ඇති ආචාර්ය පී. කේ. යූ. අදිකාරම් මහත්මා විසින් 1987. 09. 16 දින බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෝරුවදණ්ඩ ග්‍රාමයේ සෙත්සෙවන නිවසේ දී ලංකා ජාතික සංස්කෘතික පදනම නමින් මෙම සංවිධානය ආරම්භ කරනලදී. පසුව විවිධ සමාජ මෙහෙවරයන්හි යෙදෙමින් ඉදිරියට පැමිණෙද්දී 1994 දී සත්ජන සත්සේවා මිත්‍ර සන්ථවය යනුවෙන්ද, සිය මෙහෙවර දේශාන්තරයෙහි ව්‍යාප්ත කිරීමේ දී මතු වූ අවශ්‍යතා මත නැවත සත්ජන සමාජ සංවර්ධන පදනම යනුවෙන් ද අප සංවිධානයේ නාමය වෙනස් වෙයි.
ශ්‍රී ලංකාව වටා ව්‍යාපෘති 2,200 ක් සඳහා අපගේ ශක්තිය ලබා දී ඇත්තෙමු.

ශතාධික කඨින පිංකම් මාලාව

පිරුවානා පොත් වහන්සේ ඛෙදා දීම

දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය

සත්ජන සත්කාර

අඛණ්ඩ සේවාව
මනුෂ්‍යත්වයේ ගරුත්වය උදෙසා විමසිලිමත් සාමානාත්මතා සත්ජන සමාජයක් නිර්මාණය කිරිමේ අරමුණ ඇතිව මීට දශක තුනකට ඉහත දී ආරම්භ කරන ලද සත්ජන සමාජ සංවර්ධන පදනම තිස් වසරක් ආ ගමන්ම`ග ප්‍රත්‍යවේක්ෂා කරමින් හා ඉදිරි ගමන් මග විවරණය කරමින් සිදු කරන
සත්ජන ප්‍රත්‍යවලෝකනය
අපගේ සත්ක්‍රියාවන් සමඟ එක්වන්න
ශ්‍රම දායකත්වය
විහාරස්ථාන සංවර්ධනය සහ නිවාස ඉදි කිරිම් කටයුතු සදහා පෙදරේරුල වඩුල විදුලි කාර්මික යන අංශ වලින් සහ අවශේෂ ව්‍යාපෘති වල ස්වරුපය අනුව අවශ්‍යතාව පරිදි ඔබගේ ශ්‍රම දායකත්වය ලබා දිය හැක.
දැනුම
අපගේ ව්‍යාපෘති සේවා වඩා ඵලදායි කර ගැනීම ස`දහා ඔබ සතු විශේෂඥ දැනුම සහ කුසලතාවයන්ගෙන් දායකත්වය ලබා දිය හැක. එමෙන්ම ත්‍රෛමාසික ස`ගරාවට ලිපි සැපයිමෙන් හා සියැස රූපවාහිනි වැඩසටහන් වලට සම්පත්ධාරි පුද්ගලයෙකු ලෙස සහභාගී වීමෙන්ද ඔබේ දායකත්වය ලබා දිය හැක.
භාණ්ඩ
ආපදා අවස්ථාවන්හි දී එම ජනතාවට ඛෙදා දීම ස`දහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සත්ජන මධ්‍යස්ථානයට ගෙනවිත් භාර දීමෙන්, විහාරස්ථාන සංවර්ධනය ස`දහා ගොඩනැගිලි ද්‍රව්‍යය සපයා දීමෙන්, ජල පිරිපහදු ලබා දිමත්, උසස් තත්වයේ ඇස්කණ්නාඩි, රෝදපුටු සහ ඒ ඒ ව්‍යාපෘති සේවාවන් පවත්වාගෙන යාම ස`දහා අවශ්‍ය ද්‍රව්‍ය සපයා දීමෙන් ඔබට දායක විය හැක.
මුල්‍යමය
අපගේ ප්‍රධාන ව්‍යාපෘති හා අවශේෂ ව්‍යාපෘති සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා මාසිකව, තෛමාසිකව, අර්ධ වාර්ෂිකව හෝ වාර්ෂිකව ඔබට මුදලින් ආධාර කළ හැකි අතර නිෂ්චිත ව්‍යාපෘති සදහා විශේෂ ආධාර ලබා දිය හැක.

සත්ජන සමාජ සංවර්ධන පදනම

අංක 28, සෙත්සෙවන, පෝරුවදණ්ඩ. ශී්‍ර ලංකාව

0773436640 / 0718403246 / 0773721502

info@sathjana.org